May 09, 2024

හිටපු ජනපති වත්මන් ජනපතිට වඩා දසදහස් ගුණයකින් හොඳ බව ජනතාව කියනවා - විපක්ෂයේ මන්ත්‍රී හිටපු ජනපති ඉදිරියේ ම කියයි

December 02, 2020

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් මේ සභාවේ ඉන්න අවස්ථාවේ කිව යුතුයි, අපේ යහපාලන ආණ්ඩුවෙත් පළමු අවුරුද්දේ එක දවසකවත් කවුරුත් කිව්වේ නෑ සර් ෆේල් කියලා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ෆේල් කියලා යැයි විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී හිටපු ජනපතිවරයා ඉදිරියේදී ම ප්‍රකාශ කරන ලදී.

එහෙත් ඒ ආණ්ඩුවේ දෙවන හා තුන්වන වසර වන විට නායකයින් දෙපළක් සිටි නිසා බල අරගලයක් ඇති වූ බව ද ‍ප්‍රශ්න ඇති වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තිබෙන මේ ආණ්ඩුව අවුරුද්දක් යාමටත් මත්තෙන් කුජිත වී පනුවෝ ගසා ඇති බවද අවධාරණය කරන මන්ත්‍රීවරයා මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ එකම උත්සාහය සර් ෆේල් නැති බව පෙන්වීම බවද පෙන්වා දෙයි.

හිටපු ජනපති සිරිසේන මහතා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා දස දහස් ගුණයකින් හොඳ බව මේ වන විට රටේ ජනතාව ද ප්‍රකාශ කරන බව ද බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 December 2020 16:19