May 01, 2024

යුද හමුදාවෙන් තවත් විශේෂ සේනාවක් - පුහුණුවීම් ආරම්භ කරයි

November 24, 2020
ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
විශේෂයෙන්ම සෑම වසරකම අපේ රට මුහුණ පාන ගංවතුර - නායයෑම් - ගිණිගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන් මුහුණ දීම සදහා වෘත්තීය මට්ටමින් මෙම සේනාව සූදානම් කරනු ඇත. 
 
එම කණ්ඩායම මේවන විට පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් ඉදිරියේ දී යුද හමුදාවේ පාබල රෙජිමේන්තු තුළ ද මෙම සේනාවන් පුහුණු කරන බව හමුදාපතිවරයා පැහැදිලි කළේය. 
 
රටේ හදිසි ආපදා තත්ත්වයන්වලදී නිරන්තරයෙන් යුද හමුදාව ප්‍රමුඛ කාර්යාභාරයක් ඉටු කරන බවත් ඒ අනුව යුද හමුදාවේ මූලික අරමුණුවලින් බැහැර නොයමින් මෙම විශේෂ බල සේනාව නිර්මාණය කෙරෙන බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය. 
Rate this item
(0 votes)