March 22, 2023

ගම්පහ ඇඳිරි නීතිය අඛණ්ඩව - නමුත් කළ හැකි දේ මෙන්න

 ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව හමුදාපති සඳහන් කරයි.
 
කෙසේ වෙතත්  හමුදාපති  සඳහන් කළේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ වෙළෙඳසැල්  හා ඖෂධ හල්  හෙට (26) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබිමට අවසර හිමිවන බවයි.
 
එම ස්ථාන වෙත පා ගමනින් ගොස්  අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගත හැකි බවද  හමුදාපති පවසයි.
 
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හෙට (26) දින විවෘත කරන ලෙසද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.
 
ඒවායේ කාර්ය මණ්ඩලයට සිය සේවා  හැඳුනුම්පත  ඇඳිරි නීතිය සඳහා අවසර පත්‍රයක්  ලෙස භාවිතා කළ හැකි බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කලේය.
 
Rate this item
(0 votes)
Last modified on Sunday, 25 October 2020 14:18
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449