April 27, 2024

20 ප්‍රජාතන්ත්‍ර විරෝධී බව නිමල් සිරිපාල විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟත් කියලා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මිට ටික දිනකට පෙර පාර්ලිමේන්තුව තුලදී සමඟි ජන බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පවසා තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය අගය කිරීමට ගොස් ඒ අවස්ථාවේදීම විමල් විරවංශ අමාත්‍යවරයා ඊට එරෙහිව ජනපති හා අගමැති ඉදිරියේ දෝෂාරෝපණය කරනු ලැබුවේ තමන්ට ද නිමල් සිරිපාල ද සිල්වා මහතා 20 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම හේතු කොට ගෙනය.

විමල් විරවංශ මහතා සිය විරෝධය දැක්වීම අවසන් කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා මහා තක්කඩියෙක් ලෙස හඳුන්වමනි.

තමන් පාර්ලිමේන්තුවේදී මෙලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ දැක්වූ අදහස් ජනපතිට ආරංචි වී ඇතැයි යන සැකය මත නිමල් සිරිපාල ද සිල්වා මහතා 20 වන සංශෝධනය ජනපති ඉදිරියේ අගය කළේ ඒ නිසා බවද වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 17 October 2020 19:21