April 26, 2024

උපාධිධාරීන් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට

September 23, 2020

රජයේ උපාධිධාරී පත්වීම් ලබා දීමේ වැඩපිළීවෙල යටතේ මෑතකදී බඳවාගනු ලැබූ උපාධිධාරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන ලෙස යෝජනා ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව උපාධිධාරින් දෙදෙනා බැගින් සිය කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.   

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ද මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ඉල්ලීම කර ඇත. 

කෙසේ වෙතත් උපාධිධාරින් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන්නේ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද අනුයුක්ත කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා  එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.  

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගමැතිවරයා, රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ද එහිදී උපදෙස් දී ඇත. 

Rate this item
(0 votes)

Related items