April 26, 2024

දුරකථන සේවා වලටත් බාධා - අන්තර්ජාල වේගයත් අඩු වෙයි Featured

රට තුළ දෛිනකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වන විට දැඩි ගැටළුවකට මුහුණ දී තිබෙනවා.

ඒ දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇතිවීම හේතුවෙන්.

අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් විශේෂ දැනුම්දීමක් කරමින් සදහන් කරන්නේ විදුලි කප්පාදුව සමඟ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ලවී ඇති බවයි.

විදුලිය සහ ඉන්ධන නොමැතිවීමෙන් මේ වන විට අන්තර්ජාල පහසුකම් සැපයීම ද බිදවැටීමේ අවධානමකට ලක්ව තිබෙනවා.

මේ අතර අද ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)