May 02, 2024

"මේ වොයිස් කට් දෙන්න වෙලාව නෙවෙයි": ඇමැති පැනලා දුවයි

මේ දිනවල ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍ය අමතා ප්‍රකාශ නිකුත් කරන ඇමතිවරු පිරිස ඉතා අල්පයි.

මීට පෙර මාධ්‍ය දුටු විට ප්‍රකාශ නිකුත් කරන ඇමතිවරු අද ඒවා මග හැර යන හැටි මාධ්‍ය විසින්ම පෙන්වා දී තිබෙනවා.

මඟහැර යෑම

එසේ මාධ්‍ය මඟහැර යන ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකු පිළිබදවත් තොරතුරු වාර්තා වනවා.

ඒ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයායි.

රටේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව මාධ්‍ය ඔහුගෙන් කරුණු විමසීමක් කළා.

මේ වේලාව නෙවෙයි

ඊට පිළිතුරු දීම ඔහු මඟ හැරියේ මෙසේ පවසමින්.

"මේ වොයිස් කට් දෙන වෙලාවක් නෙවෙයි."

එසේ පැවසූ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නෙක්.

පක්ෂයේ ඉල්ලීම

වාර්තා වන ආකාරයට නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා ආණ්ඩුව තුළ දරන ඇමති රාජ්‍ය ඇමති ධුරවලින් ඉවත්වීමට ශ්‍රී.ල.නි.පය ගත් තීරණයට විරුද්ධ වූ අයෙක්.

ඔහු පක්ෂයේ ඉල්ලීමට පිටුපා යමින් ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී.ල.නි.පයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙක්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2022 11:05