May 01, 2024

20 අනිටු ප්‍රතිඵලයයි දැන් භුක්ති විදින්නේ : මැදගොඩ අභයතිස්ස හිමියන් රහස් රැසක් සමග දැන් වදාරයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනිටු විපාක දැන් රටේ ජනතාව භුක්ති විදිමින් සිටින බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරනවා.

ජනතාවගේ ආදරය ආණ්ඩුවෙන් ගිලිහීමට පටන් ගැනීම ආරම්භ වූයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

කළ සාකච්ඡා

පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනාධිපති ධූරයද උසුලන උන්වහන්සේ වත්මන් ජනපති හා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා සෑහෙන වැඩ කොටසක් කළ හිමිනමක්.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ තමන් වහන්සේ හා ජනපතිවරයා අතර කෙරුණු සාකච්ඡා පිළිබඳව තොරතුරු උන්වහන්සේ මේ වන විට හෙළිදරව් කර තිබෙනවා.

එහිදී එම සංශෝධනයට ඇතුළත්ව තිබූ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ජනපතිවරයා සමඟ දින 2කක් පැයකටත් වැඩි කාලයක් සාකච්ඡා කළ බවයි උන් වහන්සේ සඳහන් කරන්නේ.

අනතුරු ඇඟවීම් කිරීම

උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසිභාවය හරහා ඇති වන තත්ත්වය ආණ්ඩුවට විශාල පහරක් බවට පත්වන බව ඒ අවස්ථාවේ ජනපතිවරයා අමතා තමන් වහන්සේ සඳහන් කළ බවයි.

සහෝදරත්වය සලකා නම් ගම් නොකිව්වට 2015 ආණ්ඩුව වැටුනේ නිශ්චිත පුද්ගලයෙක් එනම් බැසිල් රාජපක්ෂ මහතා නිසා බව උන්වහන්සේ සඳහන් කරනවා.

ඒ නිශ්චිත පුද්ගලයාම වත්මන් ආණ්ඩුවට කෙරෙහි තැබූ මහා ජනතා බලාපොරොත්තුව විනාශ කරන පුද්ගලයා බවට පත් වෙතැයි යන අදහස තමන් වහන්සේලාගේ සිත් තුළ තිබූ බවයි උන්වහන්සේ දැන් කියන්නේ.

ජනපතිවරයා දුන් පොරොන්දුව

තමන්ව විශ්වාස කරන ලෙස ඒ අවස්ථාවේ ජනපතිවරයා තමන් වහන්සේලා අමතා සඳහන් කළ බවත් වසරක පමණ කාලයක් තුළ ගෙනෙන නව ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසි ප්‍රතිපාදනය ඉවත් කරන බවත් සදහන් කළ බවයි මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරන්නේ.

එහෙත් යම් හෙයකින් නව ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකි වුවහොත් 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බල පවත්වන බව උන් වහන්සේ සඳහන් කරනවා.

මැදගොඩ අභයතිස්ස හිමියන් මේ අදහස් පල කලේ මාධ්‍ය අමතමින්.

Rate this item
(7 votes)
Last modified on Sunday, 27 March 2022 13:14