May 04, 2024

පෙර පාසල් ජාතික ප්‍රතිපත්ති කමිටුවේ මුලිකත්වය මැදගොඩ අභයතිස්ස හිමියන්ට

December 08, 2020

පෙර පාසල් සදහා වූ ජාතික ප්‍රතිපත්තියක් හැදීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සුනේත්‍රාදේවි පිරිවෙන අධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් බව පෙර පාසල් පිළිබඳ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

උන්වහන්සේගේ මූලිකත්වයෙන් යුත් 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා 2014 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ගෙන එන ලද පෙර පාසල් ජාතික ප්‍රතිපත්තිය සංශෝධනයකට ලක් කරන බව ද සදහන් කරයි.

එදා මහින්ද රාජපක්ෂ රජය පෙර පාසල් පාලකවරියන්ට හා සහාය පාලකවරියන්ට රුපියල් 2500 ක මාසික දීමනාවක් ලබා දීමට යෝජනා කළ ද එය ඉටුකර ගැනීමට බැරි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් ඊට පසු බලයට පැමිණි යහපාලන රජය රුපියල් 250ක සොච්චම් මුදලක් පෙර පාසල් පාලකවරියන්ට හා සහය පාලකවරියන්ට ලබාදුන් බව ද මතක් කරන ලදී.

නව ජාතික ප්‍රතිපත්තිය හරහා පෙර පාසල් ගුරුවරියන්ට සාධාරණ දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා අද (8) දහවල් සිය අමාත්‍යාංශයේදී පෙර පාසල් වෘත්තිය සමග ද සාකච්ඡාවක් පවත්වන බවටද සභාව දැනුවත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2020 12:51

Related items