May 03, 2024

"මේක සමාජ ප්‍රශ්නයක් කරලා අවුල් කළේ රජය" - මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ආණ්ඩුවට තරවටුවක්!

භූමදානය කරනවාද අදාහනය කරනවාද යන්න සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය විසින්ම බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති. 

සෞඛ්‍ය නිර්දේශවලට අනුව එසේ භූමදානය කිරීම හානියක් නොවන බවට ප්‍රකාශ කරනවානම් අනෙක් ආගමිකයන්ගෙත් අයිතීන් පිළිබඳ කල්පනා කර සොයා බලා භූමිදානයට අවසර ලබා දීමට සිය කැමැත්ත පළ කරන බවද උන්වහන්සේ පැවසූහ.

එනිසා සෞඛ්‍ය අංශ හරිවිදියට තීරණයක් ගත යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

"කොරෝනා වෛරසය තාම අපි හඳුනගෙන අවසාන නෑ. කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ විද්‍යාඥයින්ටත් තාම හරියට අවබෝධයක් නෑ. මේක තාම ලෝකයට අලුත්. ඒ නිසා මේ පිළිබඳව ගතයුත්තේ ජාතිවාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් වෙච්ච තීරණ නෙමෙයි," යනුවෙන් ද පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)