May 03, 2024

කැමති - අකමැති ලැයිස්තුවට ඇමති පට්ටම් බෙදූ හැටි විමල් හෙළි කරයි! ඩලස්ට බන්දුලට කරපු දේත් කියයි

ආණ්ඩුව අකමැති අයට තනතුරු බෙදූ ක්‍රමවේදයක් තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙළිදරව් කළා.

ඊයේ (10) රූපවාහිනී වැඩසටහනක පැවැති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ විද්‍යාත්මක ලෙස ඇමති විෂයන් වෙන් කරන බව පැවසුවද එය එසේ සිදු නොකල බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එක් අමාත්‍යාංශය වුවත් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාට අකමැති නිසා විදුලිබල අමාත්‍යාංශය පමණක් ලබා දුන් බවත් ඊට විදුලි බල මණ්ඩලය පමණක් ගැසට් කළ බවත් ඔහුට යටින් රාජ්‍ය ඇමතිවරයෙකුද පත් කර ඔහුට සුනිත්‍ය බලශක්ති අධිකාරිය ආදී ආයතන රැසක් වෙන් කළ බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නා.

රාජපක්ෂ පවුලේ කෙනක් වූ මාතර නිපුණ රණවකට අභියෝගයක් එල්ල වන නිසා ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාට අකමැති වීමට හේතු වූ බවත් පෙන්වා දුන් ඒ මහතා ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කැමැත්තෙක් සිටියේ අධ්‍යාපන ඇමති ධූරය වුවත් ඔහුට විදුලි බල ඇමති ධූරය ලබා දුන් බවත් නමුත් කෙටි කාලයකට අධ්‍යාපන ඇමති ධූරය හෙබවූ ඩලස් ඇමතිවරයා ලොකු වෙනසක් කළ බවත් කියා සිටියා.

ඩලස්ට අධ්‍යාපන ඇමති ධූරය ලබා දී තිබුණා නම් ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමේ සටන් නොඑන බවත් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණි ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් බවත්  විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

නමුත් රාජපක්ෂ පවුලේ අයට ලබා දුන් ඇමති තනතුරු විද්‍යාත්මකව තිබෙන බවත් බලශක්ති ලෙස විෂය වෙන් කර උදය ගම්මන්පිල මහතා ලබා දුන් බවත් ඔහුට වැඩ කිරීමට සිදු වූයේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස බවත් වීරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

කැමති අකමැති ලෙස වර්ගීකරණය කර ඇමති තනතුරු වෙන් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අකමැති බව පෙන්වා දුන් වීරවංශ මහතා ඊට බැසිල් රාජපක්ෂ මහතාගේ හක්කේ හංගාගත් කේන්තියක් තිබෙන බවත් කියා සිටියා.

බන්දුලට වෙළෙඳ ඇමතිකම ලබාදුන්නද වානිජ දෙපාර්තමේන්තුව ලබා නොදුන් නිසා වානිජ ගිවිසුම් අත්සන් කළ නොහැකි තත්වයක් තිබූ බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ගොඩක් දුක් ගැනවිලි පෙන්වා දී වානිජ දෙපාර්තමේන්තුව ගැසට් කර ගත් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එලෙස තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අකමැති ලැයිස්තුවේ සිටින බවත් වීරවංශ මන්ත්‍රීවරයා හෙළි කළා. 

සී.බී රත්නායක අමාත්‍යවරයාටද ගැසට් කර තිබුණේ දැව සංස්ථාව පමණක් බවයි ඔහු කියා සිටියේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 11 March 2022 15:12