April 30, 2024

විමල්ගේ පලමු ඡන්ද ප්‍රතිඵලය අනිද්දා: බිරිඳගේ තීන්දුව එදාට

ඇමති ධූරයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතාට මේ දිනවල නඩු හබවලින් අඩුවක් නැහැ.

2010 පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කළ විරෝධතාවයක් පිළිබඳ නඩුව ඊයේ (7) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් කැඳවූවා.

විත්තිකරුවන් හයෙන් එකක්

විමල් වීරවංශ මහතා මෙහි විත්තිකරුවන් 6 දෙනාගෙන් එක් අයෙක්.

එම නඩුව එළඹෙන මැයි 30 වැනිදාට කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ.

ඒ අතර එළඹෙන 10 එනම් අනිද්දා වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අදාල නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බිරිදට අදාල නඩු තීන්දුව

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට වීරවංශ මහතාගේ බිරිඳට එරෙහිව නඩු 2 ක් ගොනු කරනු ලැබුවා.

එම නඩු 2 කේම නඩු විභාග කිරිම මේ වන විට අවසන්.

එහි නඩු තීන්දුව එළඹෙන මාර්තු 10 දා ලබාදෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් පෙබරවාරි 11 වනදා ප්‍රකාශ කර සිටියා.

ඇමතිවරුන්ගේ තීන්දු

මේ ආණ්ඩුවේ අතිබහුතරයක් ඇමතිවරුන්ට එරෙහිව පනවා තිබූ නඩු රැසකින්ම එම ඇමතිවරු නිදොස් කොට නිදහස් කරනු ලබන අයුරු පසුගිය කාලය පුරාම දුටුවා.

එහෙත් මේ වන විට විමල් වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩුව සමග බරපතළ අර්බුදයක පැටලී සිටිනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 08 March 2022 12:02