May 17, 2024

හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන මෙන්න

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරෙනවා.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 දක්වා වූ කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදු කරන බව ද එම කොමිසම සඳහන් කළා.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

Rate this item
(3 votes)