April 26, 2024

හෙටත් පැය 7යි විනාඩි 30ක් අඳුරේ - විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

හෙට (03) දිනයේ දී ද දිවයින පුරා පැය 7යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ.

හෙට (03) විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරයෙන් ම හෙට දිනයේත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මෙම විදුලි කප්පාදුව අනුව E සහ F ලෙස අලුතින් නම් කර ඇති කලාප දෙකකට පෙරවරු 8 සිට දහවල් 1 දක්වා පැය 5ක් විදුලිය විසන්ධි කර නැවත වරක් සවස 6 සිට රාත්‍රී 8.30 දක්වා තවත් පැය 2.30ක් විදුලිය විසන්ධි කෙරෙනවා.

පෙර පැවති T, U, V, W, P, Q, R, S කලාපවලට​ද පෙරවරු 8.30 සිට රාත්‍රී 11 දක්වා වාර දෙකකදී පැය 7යි විනාඩි 30ක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

විදුලි කප්පාදුව හේතුවෙන් ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. 

මේ අතර විදුලි අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහතික වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ මහබැංකුව මැදිහත් කර ගනිමන් අවශ්‍ය ඉන්ධන තොග වහාම ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම පවතින බොහෝ ප්‍රදේශවලදී දැකගත හැකිවුණා.

ඉන්ධන හිඟයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසළ තවමත් නොසන්සුන්කාරී තත්ත්වයන් ද වාර්තා වනවා.

ඉන්ධන පිරවුම්හල් අසල සාමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ මේ අතරතුරයි. 

Rate this item
(11 votes)
Last modified on Wednesday, 02 March 2022 16:01