May 01, 2024

විදුලි කප්පාදුවේ වෙලාව වෙනස් වෙයි - අද සිට අලුත් ක්‍රමයක් Featured

February 21, 2022

අද දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

එමෙන්ම, දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, මේ වනවිට උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙරවරු 8.30 සිට 11.30 අතරත්, පස්වරු 1.30 සිට 4.30 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු නො කරන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බවයි.

නැප්තා නොලැබුණහොත් කැළණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයේ කටයුතු අද රාත්‍රී 7.30 සිට නවතා දැමීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි ඉංජිනේරුවන් පවසන්නේ, මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 165ක විදුලි ධාරිතාවක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

Rate this item
(1 Vote)