April 18, 2024

ලන්සාට බොසාගෙන් තවම පණිවිඩයක් නැහැලු

February 21, 2022

මේ දිනවල රත් වන දේශපාලනයේ චරිතය බවට පත්ව සිටින්නේ නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයායි.

සිය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් ඔහු සිය පෞද්ගලික බඩුමුට්ටු හා කාර්ය මණ්ඩලයද අමාත්‍යාංශයෙන් ඉවත් කර ගත්තා.

දෙපැත්තෙන්ම ප්‍රතිචාර

ඒ සමගම සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට දුරකථනයෙන් තර්ජනය කරන හඬ පටයක්ද ඔහු සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා.

ලංසා මහතාගේ මෙම තීන්දුවෙන් පසු ආණ්ඩු , විපක්ෂ දෙපැත්තෙන්ම ලැබුණු ඇමතුම් වලින් නම් අඩුවක් වූයේ නැහැ.

එහෙත් ලන්සා මහතා වඩාත් ප්‍රසිද්ධව සිටින පිලේ ප්‍රධානියාගෙන් තවමත් ඇමතුමක් ලැබුණේ නැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පිලේ නිහඬතාවය

ලංසා මහතා ප්‍රසිද්ධව සිටින්නේ බැසිල්ගේ (බැසිල් රාජපක්ෂ ඇමතිවරයා) මිනිහෙක් ලෙසයි.

එහෙත් තවමත් ලන්සා මහතාට බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් දුරකථන හෝ වෙනයම් ආකාරයේ පණිවිඩයක් ලැබී නැහැ.

විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සමයේ විදෙස්ගතව සිට යළි දිවයිනට බැසිල් රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ ඔහුව පිළිගැනිමට කටුනායක ගුවන් තොටුපළට 1500 - 2000 ක සෙනගක් අරන් ගියේ ලංසා මහතායි.

එය ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂයේ සිටි බොහෝ දෙනෙකුට කරන්නට අසීරු වැඩක්.

Rate this item
(3 votes)
Last modified on Monday, 21 February 2022 01:55

Related items