May 01, 2024

සාගලගෙන් අම්බාරු වැඩක්: යූඇන්පීයෙන් පනින්න ඉන්න සෙට් එකට වැඩමුළුවකුත් තියලා

February 21, 2022

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුතම සමීපතයා වන සාගල රත්නායක මහතා දැන් පක්ෂයේ ජාතික සංවිධායක.

ඔහුව ඒ තනතුරට පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතායි.

නව පත්වීමේ වැඩ ඇල්ලීම

එම පත්වීම පක්ෂයේ කළමනාකාර මණ්ඩලය අනුමත කර ඇති මුත් තවමත් ඊට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී නැහැ.

එහෙත් රත්නායක මහතා තමන්ට ලැබුණු එම තනතුරේ වැඩ පෙන්නන්න පටන් ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ (20) වැඩමුළුවක් සංවිධානය කර තිබුණා.

දේශපාලනය ඉගැන්වීම

ඒ පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ට දේශපාලනය උගන්වන්න.

වැඩමුළුව පවත්වා තිබෙන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයට යාබද ජාතික සේවක සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී.

ඊට සහභාගි වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරය සිය මන්ත්‍රී නිල කාලය අවසන් වූ පසු සමගි ජන බලවේගය සමග එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන් බවයි වාර්තා වන්නේ.

නිල කාලය දික් කිරීම

පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ඉකුත් පෙබරවාරි 10දා අවසන් වීමට නියමිතව තිබුණත් විෂය භාර ජනක බණ්ඩාර තෙන්නකෝන් කැබිනට් අමාත්‍යවරයා විසින් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නිල කාලය වසරකින් දීර්ඝ කිරීම සදහා ගැසට් පත්‍රිකාවක් නිකුත් කළා.

ඒ ඇමතිවරයාට පැවරි ඇති බලතල වලට අනුව.

සාගල රත්නායක මහතා සංවිධානය කළ වැඩමුළුවට සහභාගි වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් අතිබහුතරයක් එ.ජා.පය සමග සිටින්නේ සිය මන්ත්‍රී ධුර ආරක්ෂා කර ගැනීම සඳහායි.

එම වැඩ මුළුවට පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර (පොලිස් රාලහාමි) මහතාද සහභාගි වූ බව දැනගන්නට තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Monday, 21 February 2022 01:50