May 17, 2024

සැමියන්ට බොරු කියා කටුනායක විකිණෙන්න ආ කතුන් 5ක් දැළේ

February 05, 2022

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරවල රැදී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඒෂියන් මිරර් කටුනායක වාර්තාකරු පවසනවා.

මෙලෙස කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්ව ඇති කාන්තාවන් ගණන 05ක්.

තමන් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ රැකියාවන්හි නියුතුව සිටින බවට සිය සැමියන්ට සහ පවුල්වලට පවසමින් ඔවුන් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී ඇති බව සඳහන්.

මීගමුව ඒත්තුකාළ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති ගණිකා නිවාසයක් තුළ මෙම කාන්තාවන් 05 දෙනා ගණිකා සේවය සපයා තිබෙනවා.

එම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ ද ඒත්තුකාළ ප්‍රදේශයේ කාන්තාවක් විසින්.

කාන්වන් 05 දෙනා අදාළ ස්ථානයේ ගණිකා සේවය සපයමින් සිටිය දී පොලීස් උපාය දූතයෙකු මාර්ගයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ අත්අඩංගුවට පත් කාන්තාවන් පුත්තලම, මහියංගනය, මහනුවර, රත්නපුරය සහ දංකොටුව යන ප්‍රදේශවලින් කටුනායකට පැමිණ ඇති බව යි.

ඔවුන් වයස අවුරුදු 28, 36, 33, 40 සහ 46 යන වයස්වල පසුවන්නියන්.

එමෙන්ම මෙම 05 දෙනාම විවාහ වී දරුවන් ද සිටින කාන්තාවන් බව ද සඳහන්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 February 2022 01:53