May 17, 2024

තිදරු මව මත් කොට ලිංගික කටයුතුවලට විකුණලා

February 04, 2022

මත් පෙති පානය කිරීමට ලබා දී මත් වූ පසු කාන්තාවක ලිංගික කටයුතු සඳහා මුදලට විකුණා ඇති පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම අපරාධයට ලක්ව ඇත්තේ අනුරාධපුර, මල්වතු ඔය ප්‍රදේශයේ කාන්තාවක්.

38 හැවිරිදි ඇය තිදරු මවක් ද වන බව සඳහන්.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය එහි දී මේ බව රෝහල් පොලීසියට හෙළි කොට ඇති බව යි පැවසෙන්නේ.

ඇය පොලීසියට පවසා ඇත්තේ තමා විවාහක සැමියාගෙන් වෙන්ව අනියම් සැමියා සමග වසර තුනක පමණ කාලයක් කුලී නිවසක වෙසෙන බව යි.

එම කාලය තුළ එම අනියම් සැමියා විසින් තමා මත් කොට පිටස්තර පුද්ගලයින්ට මුදලට විකුණා ඇති බව සඳහන්.

තමා එම පුද්ගලයින් සමග අකමැත්තෙන් ලිංගිකව එක් වූ බව පවසා ඇති මෙම දෙදරු මව පොලසියෙන් ඉල්ලා ඇත්තේ සිය අනියම් සැමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දෙන ලෙස යි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්තාන පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරන බව වාර්තා වූවා.

Rate this item
(1 Vote)