May 03, 2024

බැසිල්ගේ ප්‍රකාශයෙන් වාසුගේ ජීවිතේ අනතුරේ

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාගේ ජීවිතය අනතුරට ලක්වන ආකාරය තීන්දුවක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අරගෙන තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගනුදෙනු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට.

මුදල් ඇමතිගේ සාකච්ඡාව

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලන්ඩන්හි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් මේ බැව් තහවුරු කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළක් පිළිබඳව රජයට සිතීමට සිදුවන බව එම සාකච්ඡාවේදී මුදල් ඇමතිවරයා සඳහන් කර තිබෙන්නේ මේ වර්ෂයේ ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 6.9 ක මුදල් ගෙවිය යුතු බව පෙන්වා දෙමින්.

ශ්‍රී ලංකාවට විදේශ මුදල් සංචිත නොමැතිකම මත විදුලිය විසන්ධි වීම , ඉන්ධන , කිරිපිටි ආනයන හිඟය මෙන්ම ඉලක්කම් දෙකේ උද්ධමනය යන ගැටලු උග්‍ර වී ඇති බව එම සඟරාව පෙන්වා දී තිබෙනවා.

වාසුගේ කතාව

බැසිල් රාජපක්ෂ රාජපක්ෂ මහතා දැන් යෑමට සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මැරුණත් නොයන බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කරුණක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීම සඳහා පනවන කොන්දේසි ඉටුකිරීමේදී ජනතාව තව තවත් පීඩනයට ලක් වන බව ඊට හේතුව ලෙස නානයක්කාර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ගේ දිව ඕනෑම ආකාරයකට නැවෙන බැවින් වාසුදේව නානයක්කාර මහතාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් කළ "මැරුණත්" කතාව ඉදිරියේදී  සංශෝධනය කිරිමට ඉඩ තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 29 January 2022 15:01