May 02, 2024

විමල්-උදය-වාසු කල්ලිය යළි රැස් වෙයි : මෙවර තියරියේ වෙනසක්

සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු නිහඬව සිටී විමල් - උදය - වාසු ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ කණ්ඩායම යළිත් වැඩ අරඹා තිබෙනවා.

ඒ නව ආකාරයකට.

විවේචන ප්‍රතිපත්තිය පැත්තකට

මෙවර එම කණ්ඩායම තීරණය කොට තිබෙන්නේ ආණ්ඩුව විවේචනය කිරීම නොව ආණ්ඩුව ගොඩ ගැනීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමටයි.

මේ කණ්ඩායම කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී මීට දින 2 කට පෙර (25) කලකට පසු මුණගැසී ඇති අතර මෙහිදී එම තීරණය ගෙන තිබෙනවා.

රට මුහුණ දී සිටින අර්බුදවලින් ගොඩ එන ආකාරය ගැන යෝජනාවලියේ සඳහන් බවයි දැනගන්නට තිබෙන්නේ.

යෝජනාවලිය ජනපතිට හා අගමැතිට

එහිදී එම කණ්ඩායම තීරණය කොට තිබෙන්නේ ඉදිරි දින කිහිපය තුළ එම යෝජනාවලිය ජනපතිට හා අගමැතිට ඉදිරිපත් කිරීමටයි.

විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර , ටිරාන් අලස් , ගෙවිඳු කුමාරතුංග , වීරසුමන වීරසිංහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයින් මෙන්ම රැස්වීම පැවැත් වූ කාර්යාලය අයත් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ හා හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුනද එම රැස්වීමට සහභාගි වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 20:38