May 04, 2024

විදුලිබල අර්බුධය උග්‍ර අතට : ජලාශ සිදී යයි - බලාපොරොත්තු සුන්

විදුලි උත්පාදනය සඳහා ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහළට ගොස් තිබෙනවා.

ජල විදුලි බලාගාරවල පිහිටි ජලාශ රැසක ජල ධාරිතාව අද (25) පෙරවරු 6.00 වන විට තවදුරටත් පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර, මේ වන විට එම ජලාශයේ ජලය අඩි 80.9 දක්වා පහළ බැස තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර, මේ වන විට එම ජලාශයේ ජලය අඩි 134 ක් දක්වා පහත ගොස් ඇති අතර, ලක්ෂපාන ජලාශයේ වේල්ලේ උස අඩි 82 වන අතර, එහි ජල ධාරිතාව අඩි 75.2 දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

විමලසුරේන්ද්‍ර ජලාශයේ වේල්ලේ උස අඩි 91 වන අතර, එහි ජල ධාරිතාව අඩි 86.8 දක්වා පහළ බැස ඇති අතර, කැනියොන් ජලාශයේ වේල්ලේ උස අඩි 55 ක් වන අතර එම ජලාශයේ පහත වැටී ඇති ජල මට්ටම අඩි 49.1ක්.

කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තවත් මාස කිහිපයකට තාවකාලිකව නතර කර ඇති බවත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ද එම විදුලි බලාගාර ඉංජනේරුවන් ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 12:13