April 28, 2024

පාදෙණිය නලාව වෙනුවට කතුර අතට ගනී : 11 ක්ම කපලා දායි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය සාමාජිකයින් 11 දෙනකු එම සංගමයේ නෙරපා තිබෙනවා.

එම වෛද්‍යවරුන් 11 එසේ ඉවත් කිරීමට හේතුන්ද පෙන්වාදී තිබෙනවා.

ඉවත් කිරීමට හේතු

ඒ මේ වන විට නිල කාලය නිළ කාලය අවසන්ව තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව එසේත් නැතිනම් නිලධාරි මණ්ඩලයට විරුද්ධව ඉවත් කරන ලද වෛද්‍යවරුන් 11 දෙනා කටයුතු කිරීමයි.

ඒ හැරුණු කොට නිළධාරී මණ්ඩලයේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ චෝදනාවද ඉවත් කළ වෛද්‍ය පිරිසට එල්ලකොට තිබෙනවා.

ඉවත් කළ වෛද්‍යවරුන් අතර ජයරුවන් බණ්ඩාර, ප්‍රියන්ත අතපත්තු, චමල් සංජීව, දිලංක තිලකරත්න, තරින්ද වීරසිංහ යන මහත්වරුන් සිටින බවයි වාර්තා වන්නේ.

විධායක සභාව

වෛද්‍යවරුන් 11 දෙනෙකු සිය සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මේ වන විට මොරටුව දිසා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන්නක්.

එවන් බල රහිත කර තිබෙන විධායක සභාවක් විසින් මෙවැනි තීන්දුවක් ගත්තේ කෙසේද යන්න ගැටළුවක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිත්වය දරන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 25 January 2022 13:27