May 06, 2024

නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ඇරඹෙයි (VIDEO)

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය තව සුළු මොහොතකින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ඒෂියන් මිරර් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතයි. මෙම උත්සවය ඉතා චාම් ආකාරයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සභාව කල්තැබීම සිදුකෙරෙන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම අනිවාර්ය බවය.
 
පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ මෙවර සභාවාරය ආරම්භයේදී ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලබන උත්තමාචාරය සිදු නොකරන බවයි.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සජීවි විකාශය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 11:43

Related items