May 17, 2024

විදුලිය කපන ප්‍රදේශ සහ වේලාවන් මෙන්න

විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව විදුලිය කපන ආකාරය සඳහන් එම ලේඛනයේ සඳහන් වෙනවා.

එම ලේඛනය ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

පස්වරු 5.30 - 6.30 ත් අත පස්වරු 6.30 - 7.30 අතර පස්වරු 7.30 - 830ත් අතර සහ පස්වරු 8.30 - 9.30ත් අතර වශයෙන්  කලාප හතරට විදුලි කප්පාදු කරන බව ද එහි සඳහන් වෙනවා.

සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්‍රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වෙනවා.

 

Rate this item
(0 votes)