May 04, 2024

සකුරායි ගුවන් සමාගමේ ලොක්කන් තිදෙනෙක් අත්අඩංගුවට

පසුගියදා හදිසි ගොඩබෑම්වලට ලක් වූ සකුරායි ගුවන් සේවයට අයත් ගුවන් යානා සම්බන්ධයෙන් අදාළ සමාගමේ කළමනාකරු, අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක - කිඹුලාපිටිය වෙල් යායකට සැහැල්ලු ගුවන් යානයක් සිදු කළ හදිසි ගොඩබෑම, ගුවන් නියමුවන් දෙදෙනකුට තුවාල සිදු කිරීම සහ විදේශීය මගින් රැගෙන යාමේදී ඔවුන්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙනුයි.

මේ අනුව, නැවත දැනුම්දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සකුරායි ඒවියේෂන් ලිමිටඩ් විසින් සිදු කරන සියලුම ගුවන් යානා මෙහෙයුම් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අත්හිටුවා ඇති බවට ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා විසින් නිවේදනයක් නිකුත් කළේ, පසුගිය දෙසැම්බර් මස 27 වැනි දිනයි.

සතියකට අඩු කාලයකදී සකුරායි ඒවියේෂන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානා දෙකක් එන්ජිමේ දෝෂ සහ කාර්මික දෝෂ හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑම් සිදු කෙරුණා.

සමාගමට අයත් සෙස්නා 172 වර්ගයේ යානයක් කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල්යායකට හදිසි ගොඩබෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එදිනදී (27) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මේ අයුරින් සකුරායි පෞද්ගලික ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් දෙසැම්බර් 22 වන දින පයාගල වෙරළට ද හදිසි ගොඩබෑමක් සිදු කරනු ලැබුවා.

සබැඳි පුවත් - තවත් ගුවන් යානයක් හදිසියේ කිඹුලාපිටියට ගොඩබායි : සිව්දෙනෙකු රෝහලට (PHOTOS)

                 හදිසි ගොඩබෑම් සිදු කළ යානා අයත් සමාගමේ වැඩ නවතා දමයි

                 පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩබස්සවයි

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 21:11