April 25, 2024

තවත් ගුවන් යානයක් හදිසියේ කිඹුලාපිටියට ගොඩබායි : සිව්දෙනෙකු රෝහලට (PHOTOS)

December 27, 2021

මෙරට මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

ඒ එම යානයේ ඇති වූ කාර්මික දෝෂයන් හේතුවෙන්.

එය කටාන කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබැස්සීමට නියමුවා පියවර ගෙන ඇති බවයි ගුවන් තොටුපළ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේ.

එහිදී සිදුවූ අනතුරින් නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළටද සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 December 2021 17:11