April 26, 2024

තිරුපති ගිය මහින්ද අද සමන් දේවාලයට යයි (PHOTOS)

December 28, 2021

උතුරේ යුද්ධය නිමා වී මෙරටට සාමය උදාවීම සැමරීම සඳහා ඉදිකරන ලද සමාධි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම අගමැති  මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (28) රත්නපුර ඓතිහාසික සුමන සමන් දේවාල පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව සහ සබරගමුව ශාස්ත්‍රෝදය කලායතනය එක්ව තනි කළු ගලින් මෙම සමාධි ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා.

ශෛලමය බුද්ධ ප්‍රතිමාවේ බර කිලෝ ග්‍රෑම් 4500ක්.

අග්‍රාමාත්‍යවරයා විසින් මේ කාර්යය සදහා දායක වූ ඉංජිනේරු නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමක් ද සබරගමු මහ සමන් දේවාලයට ඇත් පැටවෙකු ප්‍රදානය කිරීම ද මෙදින සිදු වුණා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පසුගිය 23 වනදා ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ තිරුපති කෝවිල වන්දනා කිරීම සඳහා යි. ඔහු ඉන්දියාව තුළ දින දෙකක් රැඳී සිටි නැවත දිවයිනට පැමිණීමෙන් පසුයි මෙලෙස සුමන සමන් දේවාල ගොස් තිබෙන්නේ.

( කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා )

Rate this item
(1 Vote)