May 16, 2024

දුවට කළ අපරාධයට මුළු පවුලටම අත් වූ ඉරණම

December 24, 2021

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටයදී සොයාගත් දොළොස් හැවිරිදි දැරිය ගැබිනියක් බවට සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එමෙන්ම අදාල දැරියගේ කලලය ඉවත් කිරීමට ගත් උත්සහයකදී සිදු වූ අධික රුධිර වහනයක් හේතුවෙන් දැරියගේ මරණය සිදුව ඇති බවටද අදාල පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයිද වාර්තා වෙනවා.

පසුගිය 15 වනදා 12 හැවිරිදි යෝගරාසා නිදර්සනා දැරිය අතුරුදහන්ව ඇති බවට දැරියගේ ඥාතීන් විසින් පුදුකුඩුඉරිප්පු පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් සිදු කරන ලද සෝදිසියකදී නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්‍රදේශයක තිබී දැරියගේ මළ සිරුර පසුගිය 18 වනදා සොයා ගනු ලැබුවා.

කෙසේ වෙතත් දැරියගේ මළ සිරුර මුලතිව් මහ රෝහලේදී පසුගිය 19 වන දින සිදු කරනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ දැරියට කිසියම් හේතුවක් නිසා ගැබිනියක් බවට පත්ව ඇතැයිද දැරියගේ කලලය ඉවත් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූ කැපුම් තුවාල වලින් අධික ලේ වහනය වීමකින් දැරිය මරණයට පත්වී ඇති බවටයි.

මෙම මරණ පරීක්ෂණ වාර්තාවක් සමඟ දැරිය පදිංචිව සිටි මුංකිලාරු උතුර නිවාස දෙසීය ප්‍රදේශයේ ජනතාව අතර කිසියම් නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසද ප්‍රදේශවාසීන් විසින් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් 12 වියැති දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් අරඹා ඇතැයිද පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් ඇතුළු පවුලේ සමීප ඥාතීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 19:16