May 17, 2024

වත්තකින් පොල් ගෙඩියක් සොරකම් කළැයි නිරුවත් කර පහරදීලා (VIDEO)

December 20, 2021

කුසගින්න නිවා ගැනීම සඳහා වත්තකින් පොල් ගෙඩියක් කඩා ගත් පුද්ගලයෙකු නිරුවත් කොට බරපතළ ලෙස පහරදීමේ සිද්ධියකට විරෝධය පල කරමින් පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද නාත්තණ්ඩිය - හැවන ප්‍රදේශයේ ජනතාව අද දහවල් විරෝධතාවක නිරත වුණා.

නාත්තණ්ඩිය - හැවන ප්‍රදේශයේ කිසියම් සංවිධානයකට අයත් ඉඩමක පොල් වත්තකට ඇතුළු වී මෙම පුද්ගලයා පොල් ගෙඩියක් රැගෙන යන විටයි එලෙස පහරදීමට ලක් ව ඇත්තේ.

එහිදී අදාළ පොල් වත්තෙහි පාලන අධිකාරියේ පිරිසක් එක්ව මොහුට පහර දී දෑත් දෙපසට කර ලීයක ගැට ගසා ප්‍රදේශය පුරා ගමන් කරන ලෙසට බල කර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව එය ඔවුන් වීඩියෝ කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමට ද කටයුතු කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනු යි එම පුද්ගලයාගේ මව, පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිතර වූයේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 20:45