May 17, 2024

මාළු මිරිස් කිලෝව 1000 පනී - ජනතාව එළවළු කාලත් හමාරයි

December 19, 2021

පසුගිය දින කිහිපයේම වෙළඳපොලේ එළවලු මිල ගණන් අඛණ්ඩව ඉහළ ගියා.

ඊයේ දිනත් මැනිං තොග වෙළඳපොලේ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1000ත් 1200ත්, බෝංචි රුපියල් 500, ගෝවා රුපියල් 280, කැරට් රුපියල් 350, අමු මිරිස් රුපියල් 750 - රුපියල් 800, කරවිල රුපියල් 300 ලෙස සටහන්ව තිබුණා.

මෙවන් වාතාවරණයක මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ ලූණු කිලෝවක මිල ගණන් වල අඩුවක් පවතින බවද අප කල නිරික්ෂණයකදී දක්නට ලැබුණා.

ව්‍යාපාරිකයන් මෙසේ සඳහන් කළා,

"පකිස්තාන් ලූණු රුපියල් 180 - 175යි. ඉන්දියන් රුපියල් 250 - 230යි. රතු ලූණු රුපියල් 250යි. සුදු ලූණු රුපියල් 370 - 365යි. රුපියල් 50ක් විතර අඩුයි. 

"පෝයට ඉස්සෙල්ලා දවසේ ලූණු අරෙගන ගියේ 280යි. දැන් ඒවා අපේ කඩවල එහෙන්ම තියෙනවා. දැන් 170යි ලූණු. මේ ලූණු කෙලින්ම රුපියල් 100ක් අඩු වුණාම අපි කාටද මේ බදු විකුණන්නේ?" 

"අද නම් එළවලු මාකට් එකට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු ඉතින් බැන බැන යනවා. එළවලු ගන්නෙත් නැහැ මිල වැඩියි කියලා. පොහොර ටික ගොවියන්ට දුන්නා නම් මේ ප්‍රශ්නේ විසඳෙයි."

මැනිං පොදු වෙළඳ සමිතියේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා මෙසේ සඳහන් කළා,

"ඊයේ ගොඩක් තැන් වල මාළු මිරිස් කිලෝ එක රුපියල් 1000ට විකුනලා තියෙනවා. අසාධාරණ ලෙස මිනිස්සුන්ගෙන් හුරගෙන කන්න එපා. මිනිස්සු අසරණ තත්වයේ ඉන්නේ මේ වෙලාවේ."

පාරිභෝගිකයින් බඩු මිල දරාගත නොහැකි බව පවසමින් මෙසේ සඳහන් කළා,

"එළවළු නම් ගණන්."

"එළවළු මිල ඉහලයි."

"ලාභයි කියලා ආවට ගණන් ටිකක්. පිට තැන වල වගේම ගණන්."

"ගණන් කියන්නේ හොඳටම ගණන්."

Rate this item
(0 votes)