May 03, 2024

විමල්-උදය-වාසු ආණ්ඩුවෙන් ගියොත් ඒක ලෝක ලෙඩක් : ආණ්ඩුවේ පසු පෙල මන්ත්‍රී අනතුරු අඟවයි

December 18, 2021

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර පාර්ශවය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මුහුණ දීමට සිදුවන තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අනතුරු අඟවනවා.

ඒ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතායි.

විශාල පිරිසකගේ සහය

විමල්-උදය-වාසු පාර්ශවය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඔවුන් සමග විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවටයි මන්ත්‍රීවරයා ඉඟි පළ කරන්නේ.

කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයින් ආණ්ඩුවෙන් එළවා දැමීම නොව ඔවුන් සමග ඉදිරියට යෑම බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

වර්තමාන ආණ්ඩුව විනාශ කිරීමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් භාර ගත යුතු බවටද මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

නිලධාරී කුමන්ත්‍රණය 

ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඇමතිවරුන්ගේ හෝ රාජ්‍ය ඇමතිවරුන්ගේ පමණක් නොව ජනපති වරයාගේ අණ පවා නොතකා ආණ්ඩුව අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

ඒ හරහා රට බංකොලොත් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක එම නිලධාරීන් වියළී සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ජගත් කුමාර මන්ත්‍රීවරයා මේ අනතුරු ඇඟවීම කළේ යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 December 2021 17:29