May 17, 2024

යාපනයේ මුහුදු වෙරළට තවත් මිනිස් අස්ථි කොටස් ගොඩ ගසයි (PHOTOS)

December 16, 2021

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ තොණ්ඩමනාරු සින්නමලෙයි මුහුදු වෙරල තීරයේ තිබී මිනිස් අස්ථි කොටස් යැයි සැලකෙන අස්ථි දෙකක් තිබී ඊයේ (15) සවස සොයාගත් බව වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.

සින්නමලෙයි ධීවරයෙකු විසින් මුහුදු වෙරලේ තිබූ අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබූ ස්ථානයක අදාල අස්ථි කොටස් දැක ඒ පිළිබඳව වැල්වැටිතුරෙයි පොලීසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ අස්ථි කොටස් රැගෙන පේදුරුතුඩුව මූලික රෝහල වෙතට භාර දීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුලදී වැල්වැටිතුරෙයි සහ පේදුරුතුඩුව මුහුදු තීරයන්ට නාදුනන මළ සිරුරු 6 ක් ගොඩගසා තිබුණු අතර එම මළ සිරුරුවල සහ මෙම අස්ථි කොටස් වල කිසියම් සම්බන්ධයක් ඇතැයි යන්න සැක සහිත බවටද පරික්ෂණ සිදු කරන වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 12:08