May 03, 2024

දෙමළ සන්ධාන නායක සටනින් සුමන්දිරන් එලියට : අනුප්‍රාප්තිකයා සම්බන්ධන් නම් කරයි

December 12, 2021

දෙමළ ජාතික සන්ධානයේ ඉන්දීය සංචාරය මුල් කොටගෙන ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ ගැටුම්කාරී තත්ත්වය තුළින් දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා කවුරුන්දැයි යන්න පිළිබදවත් ඉඟියක් පළවී තිබෙනවා.

දෙවැනි ජ්‍යෙෂ්ඨයා

ඉන්දීය සංචාරය සඳහා යොදා ගත් දිනවලදී එම සන්ධානයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාට සහභාගි විය නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය යෙදී තිබීම නිමිත්තෙන්.

එහෙත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අමතා සඳහන් කර තිබෙන්නේ ඉන්දීය රජයෙන් ලැබුණු ආරාධනය සඳහා ප්‍රමාද නොකර ඊට සහභාගි විය යුතු බැවින් ප්‍රේමචන්ද්‍රන් මහතා නොමැතිව ඊට සහභාගි විය යුතු බවයි.

එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මුණගැසීමට වෙලාවක් ලබාදී ඇති නිසා එය මග නොහැරිය යුතු බවයි ඊට හේතුව ලෙස සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ.

එහෙත් ඊට පක්ෂ නායක සම්බන්ධන් මහතා සිය දැඩි විරෝධය පළ කර ඇති අතර ඔහු සඳහන් කර තිබෙන්නේ තමාගෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජිතයා වන ප්‍රේමචන්ද්‍රන් මහතා නැතිව එම සංචාරයට සහභාගී නොවිය යුතු බවයි.

සංචාරය කල් දැමීම

එතනින් නොනැවතුණු සම්බන්ධන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ලේකම්වරයා අමතා සංචාරයේ දින කිහිපයකින් පසුපසට දමා ගැනීමටද කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධිය මුල් කොටගෙන තමාට පසු මීළඟට සිටින ජ්‍යෙෂ්ඨයා ප්‍රේමචන්ද්‍ර මහතා බව සම්බන්ධන් මහතා හඳුන්වා දීම තමාගෙන් පසු පක්ෂ නායකත්වය හිමි විය යුත්තා ඔහු බවට කළ ඉගියක් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සුමන්දිරන් මහතාද සම්බන්ධන් මහතාගෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකට කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 December 2021 17:03