May 04, 2024

මානව හිමිකම් සැසියට පෙර දෙමළ සන්ධානය ඉන්දියාවට Featured

September 03, 2021

ලබන සැප්තැම්බර් මස 13 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර ආර් සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසකට සිය රටේ සංචාරයක නිරත වන ලෙසට ඉන්දියාව ආරාධනා කිරීමේ සූදානමක් තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඉහළම පිරිසක් සමග සාකච්ඡා

එහිදී ඉන්දියාවේ ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රික පිරිසක් සමග මෙම මන්ත්‍රී පිරිස සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එම සංචාරයට සහභාගී වන මන්ත්‍රී පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් , ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් යන මහත්වරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වනවා.

අවශ්‍ය උපදෙස් ලබා දීම

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීම මෙන්ම උපදෙස් ලබා දීම සිදු වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මෙම සංචාරයට සහභාගි වන දෙමළ ජාතික මන්ත්‍රී පිරිස කවුරුන්දැයි යන්න මෙතෙක් හෙළිදරව් වී නැහැ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 September 2021 22:02