April 28, 2024

ගංඡා වැව්වොත් ගොවීන්ට වෙන දේ ගැන ෆොන්සේකාගෙන් අනතුරු ඇඟවීමක්

December 09, 2021

ගංජා වගා කරන ලෙස ආණ්ඩුව දෙන ලනු නොකන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගොවියන්ට අනතුරු අඟවනවා.

ඔහු මේ බැව් සඳහන් කළේ ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් විදේශ විනිමය ඉපයීම සඳහා ගංජා වගා කිරීම නීත්‍යානුකූල කරන ලෙස කරන ඉල්ලීම හෙලා දකිමින්.

තහනම් කිරීම

ගංජා වගාව නීත්‍යානුකූල කළහොත් එය ඉදිරියේ එන සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ තහනම් කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

අද (9) පාර්ලිමේන්තු වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ ගංජා වගා කිරීම රටේ සංස්කෘතියට නොගැළපෙන බවයි.

ගණිකා වෘත්තිය

මේ ආකාරයට ගියොත් විදේශ විනිමය ඉපයීමේ මුවාවෙන් ගණිකා වෘත්තියද නීතිගත කරන ලෙස ඉල්ලීමක් ආවොත් එය පුදුම වීමට කරුණක් නොවන බවද ඔහු සඳහන් කළා.

මේ අංශ ගැන සල්ලි වලට වහල් නොවී අධ්‍යාත්මිකව සොයා බැලිය යුතු බවට මන්ත්‍රීවරයා යෝජනාවක්ද කළා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 09 December 2021 14:13

Related items