සමගි ජන බලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අනාගත වරාය ඇමතිවරයා සම්බන්ධයෙන් අද (3) පාර්ලිමේන්තුවේදී ඉඟියක් දුන්නා.
ඒ වරාය අමාත්‍යාංශ කාරක සභා වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.
පර්යන්තයේ කතාව
එහිදී ඊ.සී.ටී පර්යන්තය වැඩි දියුණු කිරීම අනිවාර්යයෙන් කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේ එසේ නොවුණහොත් මුහුණ දීමට සිදුවන ඵලවිපාකයන්ද පෙන්වා දෙමින්.
එහිදී එම පර්යන්තය ලබන වසරේදී යළි වරාය පාලනයට ලැබෙනවා නොවේදැයි මන්ත්‍රීවරයා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා.
ඇමතිගේ පිළිතුර
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා තව වසර 6ක් තිබෙන බවයි.
"ආ එතකොට මම ඇමති වෙලා ඉන්නකොට"යයි මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කළා.
මන්ත්‍රිවරයාගේ කතාව අතරතුර වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාද ඔහු සමඟ වාදයක පැටලුනා.
"මම වරාය ඇමතිකම කරනකොට හොඳට කරලා පෙන්නන්නම්"යයිද ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.