April 27, 2024

තිස්ස කුට්ටි රහස් - බැංකු හිමිකරුවෙක්

November 30, 2021

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වන තිස්ස කුට්ටිආරච්චි මහතා මතභේදාත්මක චරිතයක්.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය අමතා කළ අසභ්‍ය ප්‍රකාශ ඊට ආසන්නම හේතුවයි.

මන්ත්‍රී සතු සමාගම

මේ නිසා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සම්බන්ධ විවිධ සිද්ධීන් හෙළිදරව් වෙමින් තිබෙනවා.

දැනගන්නට තිබෙන ආකාරයට තිස්ස කුට්ටිආරච්චි මහතා සතුව බැංකු පද්ධතියක් තිබෙනවා.

එය ප්‍රාග්ධන බැංකුව නමින් හැඳින්වෙන අතර එහි ශාඛා මොනරාගල , හම්බන්තොට , බදුල්ල , කෑගල්ල ආදී දිස්ත්‍රික්ක රැසක තිබෙන බවයි වාර්තා වන්නේ.

මොණරාගල ව්‍යාපෘතිය

ඔහුගේ බිරිඳ ද එම බැංකුවේ අධ්‍යක්ෂකවරියක්.

මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සිය නමින් ගිණුම් විවෘත කොට එම ගිනුමකට රු. 500 ක් දැම්මොත් තමාද එම ගිණුමට රු. 500 ක් දමන බවට හඳුන්වා දුන් ව්‍යාපෘතිය එම දිස්ත්‍රික්කයේ වඩාත් කතාබහට ලක් වූ එකක්.

Rate this item
(23 votes)
Last modified on Tuesday, 30 November 2021 15:36

Related items