May 02, 2024

තිස්ස කුට්ටිට එරෙහිව කතානායක හමුවට ගිය 4 දෙනාම ශූරියෝ

November 29, 2021

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමගි ජන බලවේග මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කොට ප්‍රකාශ කළ දෙපැත්ත කැපෙන අසභ්‍ය ප්‍රකාශ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙනවා.

කුට්ටිආරච්චි මහතාගේ මෙම ක්‍රියාවට එරෙහිව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් 12 දෙනා එකමුතු වුණා.

කාන්තා මන්ත්‍රී සංසදය

ඒ රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වය යටතේ තිබෙන පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදය යටතේ.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳ කතානායකවරයාට පැමිණිලි කිරීමට එම සංසදයේ මන්ත්‍රීවරියන් 4 දෙනෙකු ගොස් ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ සිද්ධියට මුහුණ දුන් රෝහිණී කවිරත්න , කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , තලතා අතුකෝරල හා ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්මියන් එසේ ගිය පිරිස අතර වනවා.

සියලු පක්ෂ නියෝජනය

එම මන්ත්‍රීවරියන් 4 දෙනා පොදුජන පෙරමුන , සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය යන පක්ෂ නියෝජනය කිරීම විශේෂත්වයක්.

ඒ අනුව එම 4 දෙනා කතානායකවරයා හමු වී එම සාකච්ඡාවේදී කතානායකවරයා සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට කළ කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ බව සභාවේදී ප්‍රකාශ කරන බවටත් කතානායකවරයා මන්ත්‍රීවරියන්ට සහතික වී තිබෙනවා.

කතානායකගේ තීන්දුව ප්‍රමාණවත් නැහැ

එහෙත් ඉන් සාකච්ඡාවට ගිය මන්ත්‍රීවරියන් 4 දෙනා සෑහීමකට පත් වී නොමැති අතර දිගින් දිගටම මෙවැනි සිදුවීම් වන බවයි කතානායකවරයා අමතා ප්‍රකාශ කර තිබෙන්නේ.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි එම පිරිස කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.

කතානායකවරයා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට අවවාද කරනවා හැර ඉන් එහාට ගිය පියවරක් ගන්නා අයුරු දක්නට ලැබුණේ නැහැ.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාද කතානායකයාවරයා කළ අවවාද කිරීම පිළිගත්තේත් නැහැ.

Rate this item
(2 votes)
Last modified on Monday, 29 November 2021 08:22

Related items