May 03, 2024

රන්ජන් තවත් ලෙඩක් දාගනී - රන්ජන් ළඟ තිබූ දේ මෙන්න

November 23, 2021

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සතුව තිබී ජංගම දුරකථනයක් හා හෑන්ඩ්ස් ෆ්‍රී එකක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාදයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා පසුගිය 10 වනදා වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර තිබුණා.

ප්‍රථිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් ඊයේ (21) රාත්‍රී 10.00ට පමණ සිදු කළ හදිසි සොදිසියකදි ඔහු  සන්තකයේ තිබි ජංගම දුරකථනයක් හා හැන්ඩ් ෆ්‍රී 01, අත්අඩංගුවට ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:55