May 04, 2024

කතානායකත් කළකිරීමෙන් - මැතිඇමතිවරු ගැනත් කියයි

November 21, 2021

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් පිළිබඳව අදහස් පළ කර තිබුණා.

පාර්ලිමේන්තුවේදී ඕනෑම ආකාරයකින් අදහස් ප්‍රකාශ කරන්නට මන්ත්‍රීවරුන්ට නිදහස ඇතත් එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ පමණක් නොව තමන්ට ඡන්දය දුන් ජනතාවටද අගෞරවයක් වන ලෙස ඇතැම් මන්ත්‍රිවරුන්ගේ හැසිරීම කණගාටුවට කරුණක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මෑත කාලිනව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඇතැම් මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව තුළ නොමනා හැසිරීම් ප්‍රදර්ශනය කරන අවස්ථා ඉහළ ගොස් තිබෙන බවද මේවා නීති ගෙන එමින් පාලනය කිරීමට කිසිදු අදහසක් නොමැති බවද ඒ මහතා සඳහන් කළා.

මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අද (21) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කතානායකයරයා මේ බව ප්‍රකාශ කළා.

සෑම දේටම විරෝධය පෑම සුදුසු හා සාධාරණ යැයි ඇතමුන් සිතුවත් රට එය අනුමත නොකරන බවත් මෙමගින් හානි වන්නේ එම මන්ත්රීවරුන්ගේම ගෞවරය බවත් අබේවර්ධන මහතා සඳහන් කළා.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින අවස්ථාවක කොළඹට පැමිණ ජනතාව රැස්කර විරෝධතා පැවැත්වීම මේ අවස්ථාවේ සාධාරණ යැයි ඒවා සංවිධානය කරනු ලබන අය විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි දෙයක් නොමැති බවද ඒ මහතා පැවසුවා.

අයවැය විවාදය අවස්ථාවේ මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට සම්ප්‍රදායක් නොමැති බවත් රාජකාරී බහුලම ඇමැතිවරයා ලෙස යම් යම් අවස්ථාවල පාර්ලිමේන්තුවෙන් බැහැර වීමට කතානායකවරයාට සිදුවන බවත් කතානායකවරයා අවධාරණය කළා.

කොවිඩ් අවධානම් තත්ත්වය පහව යන තෙක් අප සියලු දෙනා තනි තනිව තමන්ගේ වගකීම් ඉටු කරමින් ආරක්ෂා වන්නේ නම් අපට මින් මිදීමට හැකිවනු ඇති බවද ඒ මහතා සඳහන් කළා.

රට ආර්ථික වශයෙන් බරපතල අර්බුදයකට පත්ව තිබෙන බවත් නිෂ්පාදන කටයුතු කඩා වැටීම නිසා ලෝකයේ මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර ගමන් මග වෙනස් වී තිබෙන බවත් කී ඒ මහතා මේවා තේරුම් ගෙන ජනතාව ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වෙලාවක් එළඹ ඇතැයිද අවධාරණය කළා.

(මහනුවර - කේ .එල්.සුරවීර)                                                   

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 17:33