May 04, 2024

කතානායක හා ආණ්ඩුවේ ඇමති හැප්පෙයි

විපක්ෂය අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීමට අවස්ථාව ලබා නොදීම මුල් කරගෙන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සිය විරෝධය කළා.

අමරවීරගේ විරෝධය

ඒ විපක්ෂය විසින් ඇසූ ප්‍රශ්න තුනක් තිබෙන බවත් ඉන් තමා හෙට උත්තර දෙන බව සඳහන් කළේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පමණක් බැවින් ඉතිරි ප්‍රශ්නවලට උත්තර දීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙස අමරවීර අමාත්‍යවරයා කතානායකවරයා අමතා සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවද අතරමඟ නතර කරවමින්.

එක්කෝ අහන ප්‍රශ්න වලට තමන්ට පිළිතුරු ලබාදීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එසේ නැතිනම් ප්‍රශ්න අසන  එක නතර කිරීමට පියවර ගන්නා ලෙස අමරවීර අමාත්‍යවරයා කතානායකවරයා අමතා සදහන් කළේ නොරිස්සුම් ස්වරූපයෙන්.

එහිදී කතානායකවරයා සඳහන් කළේ තමන් හිතුවේ අමරවීර අමාත්‍යවරයා ප්‍රශ්න සියල්ලටම හෙට පිළිතුරු දෙන බවය.

නිමල් ලංසාගේ සහාය

මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහායට පැමිණි නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාද පැමිණි අතර විපක්ෂ අසන ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නහොත් එය වැරදි ආකාරයට සමාජගත වන බව පෙන්වා දුන්නා.

මෙම විරෝධතා හමුවේ කතානායකවරයා විපක්ෂ නායකවරයාගේ කතාව නතර කොට යළිත් අමරවීර අමාත්‍යවරයාට සිය පිළිතුරු ලබාදීමට අවස්ථාව දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 13:05

Related items