May 03, 2024

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

September 21, 2021

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නිවේදනය කළේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළ බවයි.

මුදල් අමාත්‍යවරයා විසින් 2021 වසරේ ජූලි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 වසරේ ජූනි මස 28 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණා.

ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට බලාත්මකයි.

Rate this item
(0 votes)