May 04, 2024

රනිල් දුටු කතානායකට තනතුර අමතක වෙයි: සුභ පතද්දී පිටවුණ වචනය මෙන්න (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේදී කතානායකවරයාට තමා කතානායක බව අමතක වීමේ සිද්ධියක් සිදුවීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණේ නැහැ.

වික්‍රමසිංහ මහතා කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී පසුව ඒ සම්බන්ධයෙන් වූ පොතේ අත්සන් තබා යළි කතානායකවරයා වෙත පැමිණ ඉංග්‍රීසියෙන් THANK YOU ලෙස සඳහන් කරමින් කතානායකවරයාට ආචාර කලා.

රනිල්ටත් සර් පට්ටම

ඊට පෙරළා කතානායකවරයා ප්‍රතිචාර දැක්වූයේ ඉංග්‍රීසියෙන් ALL THE BEST SIR කියමිනි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකවරයා අවම තරමින් අග්‍රාමාත්‍යවරයාට හෝ තමනට වඩා ජ්‍යෙෂ්ඨයෙකුට වුවද කතානායක පුටුවේ අසුන් ගෙන සභාව මෙහෙයවද්දී "සර්" යනුවෙන් ආමන්ත්‍රණය නොකරයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය

ඒ වෙනුවට අදාල මහජන නියෝජිතයා ඔහුගේ තනතුරින් ඇමතිම කථානායකවරයාගේ සම්ප්‍රදායක ක්‍රමවේදය වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 June 2021 17:06