May 01, 2024

සිරාගේ රෙද්ද ගලවලා රනිල්ගේ ගෙදරට අරන් ගිය හැටි වජිර අකුරක් නෑරම කියයි

November 14, 2021

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනපති බලතල රනිල් වික්‍රමසිංහ මහතා කපපු හැටි වජිර අබේවර්ධන මහතා හෙළි කරනවා.

වත්මන් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාද වන අබේවර්ධන මහතා සදහන් කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වී ගෙදර යන සැණින් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ බලතල සියල්ල තමන්ගේ සාක්කුවේ දමා ගත් බවයි.

19 වැනි සංශෝධනය

ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා බවත් එම සංශෝධනය හරහා සිරිසේන ජනපතිවරයාගේ බලතල සියල්ල ගැල වූ අයුරු අබේවර්ධන මහතා හෙළිදරව් කරන්නේ මහත් උද්යෝගයකින්.

"සිරා හිතුවේ සිරා ප්‍රේසිඩ්න්ට් කියලා. ඇත්ත ප්‍රේසිඩ්න්ට්. ඒත් සිරා ගෙදර යනකොට මොකුත් නැහැ.රෙද්ද ගලවලා අපි අරගෙන ගියා.පස් වන පටුමගේ රනිල්ගේ වික්‍රමසිංහගේ ගෙදරට.ඒක නිසා තමයි සිරාට පොඩි තරහකුත් එන්න ඇත්තේ ජනාධිපති උනාම දැන් මට යකෝ බලයක් නෑනෙ කියලා."

හිටපු ජනපති වරයාගේ බලතල කපපු හැටි අබේවර්ධන මහතා හෙළි කරන්නෙ ඔන්න ඔය විදිහට.

පේලි හතර

ඒ එක්කම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි වගන්තියට එක් කරපු පේලි 4 ක් පිළිබඳවද අබේවර්ධන මහතා හෙළිදරව් කරනවා.

"මේ සිරිසේනට පුළුවන් 2019 දෙසැම්බර් 31 දක්වා මහවැලි , ආරක්ෂක හා පරිසර අමාත්‍යාංශ විතරක් තියාගන්න.ඊළඟට එන ජනාධිපතියට ඒකත් බැහැ.එන ජනාධිපති විලියම් ගොපල්ලව වගේ."

වජිර අබේවර්ධන මහතා මෙම කරුණු හෙළිදරව් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පැවති එ.ජා.ප හමුවකදී.

එම හමුව මාධ්‍යයෙන් තොරව පැවැත් වුවද එම අවස්ථාවට සහභාගි වූ පුද්ගලයකු විසින් අදාල කතාව ඉතා පැහැදිලිව පටිගත කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම අවස්ථාවට හිටපු එ.ජා.ප මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්වී සිටියා.

Rate this item
(5 votes)
Last modified on Sunday, 14 November 2021 14:47