May 12, 2024

බැසිල්ගේ ජනප්‍රිය තීන්දුවක් ගැන චන්දිම කියයි

November 15, 2021

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ යුතු බවට වු යෝජනාව පොදු ජනතාව අතර නම් ජනප්‍රිය තීන්දුවක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසනවා.

ගාල්ල හපුගල සිය නිවසේ දි අද ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව සදහන් කළා.

මන්ත්‍රිවරයා තවදුරටත් මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද සඳහන් කළා.

"ජනතාව කියන්නේ මේ යෝජනාව බොහොම හොදයි. ඔය මන්ත්‍රිවරුන්ට මුකුත් නැතිවුනොත් තවත් හොදයි කියලා. අනේ අපොයි බොහොම හොදයි කියා මේ අවස්ථාවේ අත්පුඩි ගහනවා. එමෙන්ම රටට අවශ්‍ය දැනුම තියෙන සම්පත් එකතු කරගැනිමේ දී මෙය බාධාවක් වෙන්නත් පුළුවන්. අපි හරි කැමතියි මන්ත්‍රිවරුන්ට පඩිදෙන්න හොද නැහැ. වෙනත් මුකුත් දෙන්න හොද නැහැයි කියනවාට. තීන්දු ගන්නා විට ජනප්‍රියභාවය එම තින්දුවල තියෙන්න ඕන. අනික් පැත්තෙන් දිගු කාලීනව රටේ ඉදිරි ගමනට දායකත්වය දිය හැකි පරිසරය නිර්මාණය කරන තින්දු වෙන්න වෙන්න ඕන. එම නිසා මේ ගැන සීයයට සීයක් හොදයි කියන්නත් බැහැ. නරකයි කියන්නත් බැහැ."

"පාර්ලිමේන්තුව ඇයි මෙම තත්වයට වැටිලා තියෙන්නේ පාර්ලිමේන්තුවට එන්න කැමති නැහැ වෘත්තිමය අනාගතයක් තියෙන අය. තමන්ගේ වෘත්තියමය අනාගතය ඉවරයි දේශපාලනයට ආවොත්. ඒ නිසා ජනතාව කථා කරන්නේ පාර්ලිමෙන්තුවේ ඉන්න මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන. වෘත්තිය අහිමි කරගෙන දේශපාලනයට පිවිසිම තුලින් ජිවිත්විමට  නොහැකියාවක් කියා තවදුරටත් තේරුම්ගියහොත් වෘත්තියවේදින් කවුරුවත් දේශාපලනයට එන එකක් නැහැ. වෘත්තියක් අහිමි කරගෙන දේශපාලන එන අයට මේ විශ්‍රාම වැටුප ජිවත් වෙන්න පුළුවන් විශ්‍රාම වැටුපක් නෙවෙයි. එක් අතකින් සිංගප්පුරු පාර්ලිමේන්තුවේ  ඉන්නේ ඉහල සුදුසුකම් තියෙන කණ්ඩායමක්. ඒ අයට ඉහල සුදුසුකම් තියෙනවා වගේම පඩියක් ගෙවනවා. ඒ අයට රටට කරන සේවය ගැන ඇගයිමක් වෙනවා. අපේ එහෙම නැහැ. ඒ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. අයවැය ගැන ධනාත්මකව බලන්න අපි සුදානම්." යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 21:01