May 17, 2024

පොහොර අර්බුදයේ ප්‍රතිඵල එයි - ඊලඟ පෝලිම මෙන්න Featured

November 08, 2021

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොගද සීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පොහොර අර්බුධය බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ මැනිං වෙළදපොළ වෙත ලැබෙන එළවළු තොග සියයට 60කින් පමණ අඩු වී ඇති බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.

එළවළු තොග ඉදිරියේදීත් අඩු වුවහොත් එළවළු තොග මිලදී ගැනීම සඳහාද පෝලිම් පවතිනු ඇති බවද ඔවුන් සඳහන් කළා.

එළවළු තොග අඩු වීමත් සමග එළවළු තොග මිල ගණන්ද ඉහල ගොස් ඇති බවයි මැනිං පොදු වෙළද සමිතියේ සභාපති එච් එම් උපසේන මහතා පැවසූවේ.

Rate this item
(0 votes)