May 17, 2024

"මිනිසුන්ට කිසිම ගානක් නෑ" - දෙසැම්බරයේ කොවිඩ් රැල්ලක්? Featured

November 08, 2021

මෙරටින් හඳුනා ගන්නා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලින් නිරූපනය වෙනවා. ඒ අනුව දින 20කට පසුව මෙරට දෛනිකව හඳුනාගන්නා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 600 සීමාව පසුකර තිබුණා.

ඊයේ හඳුනාගත් නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 626ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ, යළි ආසාදිතයින් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් සීමා පැනවීමට සිදුවන බවයි.

“උත්සව, සාද, මංගල අවස්ථාවලදී රෝගය පැතිරීමට ඉඩ ලැබෙන සිද්ධි කිහිපයක් ම අපිට වාර්තා වුණා. ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අපිට අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පනවන්න සිදුවෙනවා.” යනුවෙන්ද සඳහන් කළා.

මේ අතර කොවිඩ් සඳහා එන්නත් වෙනුවට භාවිත කෙරෙන අමෙරිකාවේ මර්ක් ආයතනය නිෂ්පාදනය කළ කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

මෙතෙක් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත් එක්සත් රාජධානිය එම කරල සඳහා අවසර දුන්නේ එය අනුමත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වෙමින්. එය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ”ඒ පිළිබඳව අපි විද්වත් කමිටුවට යොමු කරලා තියෙනවා. නුදුරු දිනයකදී නිර්දේශ ලබාදෙයි.”

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ,

“කඩිනමින් මේ සඳහා අවධානය යොමු කරන්න. මේ වනවිටත් ලෝකයේ රටවල් ගණනාවක් ඒ සඳහා ඇනවුම් ඉදිරිපත් කරලා තියෙනවා. ඉක්මණින් ඇනවුම් දුන්නේ නැත්තම් ඖෂධය ලබාගන්න අපිට ගොඩාක් පරක්කු වෙයි.”

Rate this item
(1 Vote)
Last modified on Sunday, 07 November 2021 22:04