May 18, 2024

කොවිඩ් 4 වන රැල්ල දීපවාලියෙන්ද? (PHOTOS) Featured

November 03, 2021

කොවිඩ් 19 හතරවන රැල්ල එලඹෙන දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසා සිටිනවා.

අන්තර් පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරිමෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටි වතුකරයේ ජනතාව ඊයේ (01) දින සිට ඔහුන් වතුකරයේ පදිංචි නිවාස වෙත පැමිණෙමින් පවතිනවා.

එසේ පැමිණෙන පිරිස් ලංගම සහ පෞද්ගලික බස් රථවලින් හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට ප්‍රවාහනය කරන අතර, එම බස් රථ වලද සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් මගීන් ප්‍රවාහනය කරන ආකාරයක්ද අප කැමරාවේ සටහන් වුණා.

දීපාවලි උත්සවයට අවශ්‍ය අලුත් ඇදුම් සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු මිලදී ගැනීම් වලට හැටන් නගරයට පැමිණෙන වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි කටයුතු කරන අතර, හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවයක් ලබාදී සෞඛ්‍ය උපදෙස් පිලිබදව කිසිදු තැකීමක් නොකරන ආකාරයක් ද කැමරාවේ සටහන් වුණේ මෙලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 November 2021 21:40