May 18, 2024

උතුරේ තැන තැන විරෝධතා (PHOTOS)

යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසදුම් ඉල්ලා උතුරේ ස්ථාන කිහිපයකදී විරෝධතා වැඩසටහන් ඊයේ (30) දින සංවිධානය කොට තිබුණා.

යාපනය එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිටදී යාපනය දිස්ත්‍රීක් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කොට තිබූ අතර කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී කිලිනොච්චිය දිස්ත්‍රීක් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින්ද වව්නියාව දිස්ත්‍රීක් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිටදීද විරෝධතාවන් සංවිධානය කොට තිබුණා.

විරෝධතාවන්හි නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 12 ක් ගත වී ඇතත් මෙතෙක් අතුරුදහන් වූ තම මුණුබුරන් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවටත් විසඳුම් ඉල්ලා මේ වන විට වසර 3කට අධික කාලයක් උතුරේ සත්‍යග්‍රහයන්හි නිරතව සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙතට පිළිගත හැකි කිසිදු විසඳුමක් නොලැබුනු බවටත්ය.

එහෙයින් අතුරුදහන්වූවන් වෙනුවෙන් විසදුමක් ලබා දීමට කිසිදු රජයක් අපොහොසත් වීම හේතුවෙන් ජාත්‍යන්තරය මැදිහත් වී තම ගැටලු වෙනුවෙන් කඩිනම් විසඳමක් ලබා දෙන ලෙසටද විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)